මානව වර්ගයාගේ ආරම්භයේ පටන්ම ගොඩනැගුණු කලා අංගයන්ගෙන් අභාෂය ද ලබමින් සිනමා කලාව වර්තමානය වන විට විවිධ වු ශානරයන්ගෙන් විවිධ වු තේමාවන්ගෙන් මෙන්ම විවිධ වු කලා අංගයන්ගෙන් සුපෝෂිත වුවා මෙන්ම සත් වන ලලිත කලාව ලෙසද නම් කෙරිණි. 19 වන සියවසේ කාර්මික විප්ලවයේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවු යන්ත‍්‍රසුත‍්‍ර මෙන්ම තාක්ෂණික මෙවලම් හා දැනුම සිනමාව බිහිවීම කෙරෙහි මුලික පදනම සකස් කරන්නට විය. චලනය සටහන් කර ගැනිමේ හැකියාවත් එය කිසියම් වූ ක‍්‍රියාවලියකට භාජනය කොට ප‍්‍රක්ශේපනය කර පෙන්වීමට හැකිවීමත් හේතු සාධක කර ගනිමින් සිනමාව තාක්ෂණික වශයෙන් වර්ධනය විය. කල්යත්ම එම තාක්ෂණික හැකියාව තුලට ගැබ් කළ මානුෂිය හැගීම් හා මානුෂීීය යථාර්ථය පදනම් කොට ගනිමින් සිනමාව කලාවක් ලෙසටද 20 වන ශතවර්ෂය අවසානය වන විට එය මහජනයාගේ විනෝද මාධ්‍යයක් ලෙස ද වේගවත්ව ව්‍යාප්ත විය. තවද මූල් කාලීනව තාක්ෂණික වශයෙන් ගොඩනැගුනු සිනමාව කලාවක්ද යන ගැටලූව ඇති විය. එහෙත් කල්යත්ම එ තුලින් කථාවක් ප‍්‍රකාශ කල හැකි බව සොයාගැනීමත් සම`ග කම්කරුවන්ගේ, ශ‍්‍රමිකයන්ගේ පමණක් නොව මධ්‍යම පාන්තිකයන් අතරද ඔවුන්ගේ විවේක කාලය ගත කිරීම සඳහා සිනමාව යොදා ගන්නා ලදී. එමෙන්ම කල්යත්ම සිනමාව තුලින් මානව සම්බන්ධතා, සමාජීය ගැටලූ, මනූෂ්‍ය ජීවිතයේ සංකීර්ණත්වය, සමාජ, දේශපාලනික මෙන්ම සංස්කෘතිකාංග ද දැඩි ලෙස සාකච්ඡුා කිරීම මෙන්ම මානව ශ‍්‍රමය, පංති අරගලය වැනි සමාජීය ගැටලූද මේ හරහා සාකච්ඡුාවට බඳුන් කිරීම තුලින් උගත් බුද්ධිමත් පාර්ශවකරුවන්ගේ ද අවධානය මෙයට යොමු වන්නට විය. එය හරහා සමාජීය ප‍්‍රස්තුථයන් සාකච්ඡුා කරනු ලබන නාට්‍ය, කලාකෘති සිනමාව මගින් ගොඩනැංවීම හේතු කොට ගෙන එය ලලිත කලාවක් ලෙස ගොඩනැගෙන්නට විය.
ඉහතින් සාකච්ඡුා කරන ලද සිනමාව ගොඩ නැගීමෙහි මූලිකම පදනම වනුයේ චලනය රූපගත කිරිම හා එය ප‍්‍රක්ෂේපනය කිරීමය. එනම් එහි තාක්ෂණික ගොඩනැගීම මෙන්ම කලාත්මක ගොඩනැගීම ලෙස අකාරයන් 2 ක් ඔස්සේ හඳුනාගත හැකිවේ. සෑම කලා අංගයකටම මාධ්‍යයක් අවශ්‍ය වේ. එමෙන්ම සිනමාව ද එයට ආවේනික වූ මාධ්‍යය මගින් ඉදිරිපත් කිරීම කළ යුතුය. එනම් සිනමාවේ මාධ්‍ය වනුයේ රූප හා ශබ්ද වේ. රූප හා ශබ්ද නිර්මාණය කිරීම යනු තාක්ෂණික උපාංගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් පැන නගිනවා යන්නය. එලෙස තාක්ෂණික ඉතිහාසය ගොඩ නැගෙන අතර මෙහි භාෂාව, අඛ්‍යාණය ගොඩනැංවීම මෙහි කලාත්මක ඉතිහාසයට අයත්වේ. එනම් නිශ්චල ඡුායාරූපකරණය බිහිවීම සිනමා මාධ්‍යය බිහිවීමේ මූලිකව අවස්ථාව ලෙස දැක්විය හැකිය. එනම් තල පෘෂ්ඨයක් මතට ආලෝකය මාධ්‍යය කොට ගනිමින් ත‍්‍රිමාන දර්ශනය ද්විමාන තලයක් මතට සාර්ථක ලෙස සටහන් කර ගැනීමේ වූ පර්යේෂණයන් චලන චිත‍්‍ර බිහිවීම කෙරේ සෘජුමව බලපාන ලදී. ඒ හා සම`ග ආලෝක, පටල පටය මෙන්ම කැමරා නිර්මාණය වීමද සිදුවිය. ඒ අතර කාච නිර්මාණය හා විදුලිය ආධාරයෙන් ක‍්‍රියාත්මක වන කැමරා බිහිවීම තුලින් ඡුායාරූප ශිල්පය වර්ධනය විය. සාර්ථක ලෙස සටහන් කරගත් නිශ්චල ඡුායාරූපය ඊලග පියවර වනුයේ චලනය සටහන් කර ගැනීමය. එනම් තාක්ෂණයේ දියුනුවත් සම`ග චලනය සටහන් කර ගැනීමේ කැමරාව බිහිවීමත් හා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය බිහිවීමත් චිත‍්‍රපට කලාවේ මූලිකම සංසිද්ධීන් ලෙස දැක්විය හැකිය.
එනම් සිනමා කලාව පිළිබඳ අවධාරණය යොමු කරන විට පැහැදිලි වනුයේ චලනය පදනම් කොට ගනිමින් ගොඩනැගීමය. එනම් චලනය යන සංසිද්ධිය මෑතකදී බිහි වූවක් නොවේ.
ඒ සඳහා දීර්ඝ අතීතයක් පවතින බව දැක්විය හැක. එනම් උදාහරණ ලෙස ගත් විට අල්තාමීරා ගල් ගුහා වල හා ලැස්කෝ ගල් ගුහා වල ඇදි චිත‍්‍ර සත්ව හා මිනිස් චලන ස්වරූපයෙන් නිර්මාණය වීම දැක්විය හැකිය. තවද ශ‍්‍රී ලංකාවේ කදුරු පොකුණු වැනි ලෙන් ආශ‍්‍රිත චිත‍්‍ර ගත් කල ඒවාද චලනයක් පාදක කොට ගනිමින් නිර්මාණය වී ඇත. එලෙස සටහන් කරනු ලැබූ චලනය පිළිබඳ සිද්ධාන්තය තවදුරටත් ව්‍යාප්ත වනුයේ සෙවනැලි නාටක බිහිවීමත් සමගය. එනම් මූලික වශයෙන් පහත් ආලෝකය උපයෝගි කොට ගනිමින් සමතල පෘෂ්ඨයක ඇගිලි වල විවිධ හැඩ ආධාර ගනිමින් විවිධ කතා රග දක්වන ලදී. මෙය මූලික වශයෙන් චීනය ආරම්භ කරන අතර මෙය චීන සෙවනැලි නාටක ලෙස ද නම් කරන ලදි. පසුව මෙම සෙවනැලි නාටක එකොලොස්වන සියවසේ අගභාගය පමණ වන විට සංදර්ශන ස්වරූපයෙන් නිරූපනය දක්වා වර්ධනය විය. ආසියාතික රටවල් ආශ‍්‍රයෙන් දියුණුවට පත් වූ මෙම සෙවනැලි නාට්‍ය හරහා යම් කතා පුවතක් හා කිසියම් නිර්මාණාත්මක පුවතක්, පණිවුඩයක් ඉදිරිපත් කිරීමට හැකිවීමත් මෙම සෙවනැලි නාටක ව්‍යාප්ත වීම කෙරේ බලපාන ලදී. මුල් වශයෙන් ආසියාතික රටවල මෙම සෙවනැලි නාටක වර්ධනය වුවද පසුකාලීනව අරාබි වෙළදුන්ගේ සංක‍්‍රමනයත් සම`ග සෙවනැලි නාට්‍ය ශෛලීය යුරෝපයටද එංගලන්තයට ද ව්‍යාප්ත විය. රෙදි කඩකින් හෝ පදම් කල සත්ව හම් ආදාරයෙන් නිර්මාණය කර ගනු ලැබූ රූප ආධාර කොට ගනිමින් ජන කථා ජන සංස්කෘතිය, ජන සමාජය ආශ‍්‍රයෙන් කතා නිර්මාණය කොට ඉදිරිපත් කර ඇත. එලෙස දියුණු වූ සෙවනැලි නාටක සඳහා 18 වන සියවස පමණවන විට ප‍්‍රංශය හා ඉතාලිය වැනි රටවල් දෙකම භාවිතා කළ අතර ජපානය වැනි රටවල් මේ සඳහා කැටපත් උපයෝගි කර ගන්නා ලදී.
එලෙස 18 වන සියවස වන විට මෙම සෙවනැලි නාටක ක‍්‍රමය එංගලන්තය වැනි රටවල පවා කැටපත් ක‍්‍රමය උපයෝගි කරගනිමින් වර්ධනය විය. එහිදී හිරුගේ ආලෝකය උපයෝගි කරගනිමින් බිත්තියට පතිත කරන ආලෝක මගින් රූප ලබාගන්නා ලදී. මෙහි වැදගත්ම අවස්ථාව වනුයේ මෙය හේතු කොට ගනිමින් මැජික් ලන්තෑරුම බිහිවීමය. එනම් එතෙක් පැවති ක‍්‍රමය වෙනුවට කාචයක් හරහා දර්ශනය නැරඹීමේ ක‍්‍රමයක් මේ තුල නිර්මාණය විය. එනම් චිත‍්‍රපට ප‍්‍රක්ෂේපණයක් යන්ත‍්‍රය බිහි වීමේ මූලිකම පදනම ලෙස මැජික් ලන්තෑරුව හඳුන්වා දිය හැකිය. ජර්මන් ජාතික පූජකයෙකු වූ ඇතෝනියස් කිර්ෂ (්එය්බ්ිස්ි ණසරජයැර* මැජික් ලන්තෑරුම නිර්මාණය කළ අතර ක‍්‍රි.ව 1644 පමණ වන විට ඔහු මැජික් ලන්තෑරුම මගින් ප‍්‍රදර්ශන පැවැත් වූ බවට සාධක ඇත. ඒ සඳහා ඔහු වීදුරුවක අදින ලද චිත‍්‍ර මේ සඳහා යොදා ගන්නා ලදී. ඒ තුලින් කැටපත් ක‍්‍රමයට සාපේක්ෂව වඩා තාත්විකව ඉදිරිපත් කිරීමට මේ තුලින් හැකි විය. එමෙන්ම විශාලනය ද, තීව්රතාවය ද, මේ තුලින් ගොඩනැගෙන ලදී. පසුව 1646 වන විට ඇතේනියස් ක‍්‍රිර්ෂ විසින් මැජික් ලන්තෑරුම හා මිනිස් ඇසේ චලනය පාදක කොට ගනිමින් ඔයැ ඨරු්එ ්රඑ දෙ ඛසටයඑ ්බා ීය්ාදඅ නම් ග‍්‍රන්ථය නිර්මාණය කරන ලදී. එය චලනය ඇති කිරීමට සම්බන්ධ මූලික පදනම ලෙස හඳුන්වා දිය හැකිය. එලෙස ඇති වූ චලනය සම්බන්ධ සංකල්ප යුරෝපය පුරා ව්‍යාප්ත වන්නට විය. පසුව ගැස්පාර් ස්කොට්, ක්ලෝඞ් මිලියේ ඩි චාල්ස්, ජොහාන් සාප් වැන්නවුන් මෙම මැජික් ලන්තෑරුම් තාක්ෂණය තවදුරටත් දියුණු කරන ලදී. පසුව පීටර් වෑන් නම් ඕලන්ද ජාතිකයෙකු වීදුරු පත් 2 ක් උපයෝගි කොට ගනිමින් චලනයක් නිර්මාණය කරන ලදී. එය ජන සමාජයේ තුල මායාවක් ලෙස ව්‍යාප්ත වූවා පමණක් නොව රාජකීයන් අතර ද ව්‍යාප්ත විය. එලෙස තනි රූපය දර්ශනය කරනවා වෙනුවට රූප කිහිපයක් එකවර දර්ශනය කිරීමට උත්සහ ගන්නා ලදී. එය හේතු කොට ගනිමින් ඒ තුළ චලනයන් ඇති විය. එම චලනය අප ඇස හා බැදි ජීව විද්‍යාත්මක කාරණාවක් බව එහිදී පැහැදිලි කරන්නට විය. 18 වන සියවස වන විට විවිධ විද්‍යාඥයින් මේ පිළිබඳ පර්යේෂණ පවත්වන්නට විය. ඒ අතර ප‍්‍රමුඛ ස්ථානය හිමි වනුයේ පීටර් මාර්ක් රෝජේ :ඡුැඑැර ඵ්රන ඍදටැර* නම් වූ ගණිතඥයාට වේ. ඔහු 1824 දී දෘෂ්ඨිය අඛණ්ඩතාවය පිලිබඳ සංකල්පය මුල් වරට හඳුන්වා දෙමින් එම සංකල්පය එංගලන්ත රාජකීය සභාව වෙත ඉදිරිපත් කරන ලදී. එනම් මිනිස් ඇසෙහි පවතින දුර්වලතාවයක් ලෙසට මුලින්ම ඔහු එය හඳුන්වා දෙන්නට විය. එනම් ඇසට පැමිණෙන දර්ශනය මොලය මගින් අර්ථකථනය කරනු ලබන අතර අඛණ්ඩව දර්ශන පෙලක් දර්ශනය වන විට ඇසෙන් දර්ශනය ක්ෂණිකව ඉවත් වුවද මොලය තුල එය ක‍්‍රියාවලියක් සේ සටහන් වේ. ඒ මගින් මොළය එය අඛණ්ඩ චලනයක් ලෙස හඳුනා ගනී. එය සිනමා කැමරාව බිහිවීමේ මුලිකම සංකල්පය ලෙස හඳුනාගත හැකි වේ. එනම් චිත‍්‍රපට පටල පටය තුළ එක් රූප රාමුවෙක් රූප රාමුව බෙදා වෙන් කර තිබුනද එහි චලනයක් ඇති වනුයේ රූප ප‍්‍රක්ෂේපණ වේග නිසාවේ. එහෙත් ක‍්‍රි. පූ අවධියේ මේ පිළිබඳ ඇරිස්ටෝටල්, අල් හසන් වැනි විද්වත්හූ ද මේ පිළිබඳ පරික්ෂණ පවත්වා ඇති බවට සාධක තිබේ. පසුව මෙම දෘෂ්ටිය අඛණ්ඩතාවය සංකල්පයට අනුව 19 වන සියවස පමණ වන විට විවිධ වූ ක‍්‍රීඩා භාණ්ඩයක් නිර්මාණය වන්නට විය. එනම් මෙය සිනමා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය බිහිවීමේ මූලික පියවර ලෙස හඳුන්වා දිය හැකිය. ඒ අතර 1826 දී නිර්මාණය වූ තර්මට්‍රෝප්, බෙල්ජියම් ජාතික ජෝශප් ඒ. ප්ලටෝවා 1832 දී නිර්මාණය කල පෙන කිස්ටස්ක්‍රෝප් උපකරණය, 1833 දී විලියම් ජී. හොනර් විසින් නිර්මාණය කල සෝට්‍රෝපය මූලික වශයෙන් නිර්මාණය වූ ක‍්‍රීඩා භාණ්ඩ ලෙස දැක්විය හැකිය. මෙය තුල අතින් අදින ලද චිත‍්‍ර අලවා ප‍්‍රදර්ශනය කෙරිණ. එහෙයින් මෙය දෘෂ්‍යමය ක‍්‍රීඩා භාණ්ඩ නමින් හඳුන්වන ලදී. තවද පසු කාලීනව (1861* දී නිර්මාණය වූ කයිනටස්කෝප්, පැස්මටරෝප් (1870*, ඉලෙක්ටි‍්‍රක් ටෙචස්කෝප් (1880* ද දැක්විය හැකිවේ. එලෙස වර්ධනය වූ මෙම ක‍්‍රීඩා භාණ්ඩ මැජික් ලන්තෑරුම සම`ග වඩාත් දියුණු තත්ත්වයට පත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස එවිල් රෙනෝඞ් නිපදවූ ප‍්‍රැක්සිනස්කෝප් වඩා දියුණු තත්ත්වයේ උපකරණයක් විය. එනම් එය වර්තමානයේ භාවිතා කරනු ලබන ස්ලයිඞ් ප්‍රොජෙක්ටරයකට සමාන විය. එහි ප‍්‍රතිපලයක් ලෙස මෙම රූප ප‍්‍රදර්ශනය සඳහා 1892 දී තියෙටර් ඔප්ටික් නමින් ර`ගහලක් ද විවෘත කෙරිණ. එනම් 18 වන සියවසේ අගභාගය වන විට කිනටස් කෝප් යන්ත‍්‍රය නිපදවමින් තෝමස් අල්වා එඩිසන් සිනමාවේ ආරම්භය සනිටුහන් කරන්නට විය.
එලෙස ගොඩ නගන ලද ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයේ විකාශනයත් සම`ග විකාශය කිරීමට අවශ්‍ය රූප තැම්පත් කරගැනිමේ අවශ්‍යතාවයද ඒ තුලින් ඇති විය. එහෙත් ඒ වන විටත් ඡුායාරූප ශිල්පය තරමක් දුරට දියුණු මට්ටමක පැවතියද චලනය පටිගත කළ හැකි උපකරණයක අවශ්‍යතාවයක් පැවතිනි. එනම් චිත‍්‍රපට කැමරාවක් බිහිවීමේ අවශ්‍යතාවයයි. එය මූලික වශයෙන්ම සිදු කිරීමේ ගෞරවය හිමිවනුයේ ඉංග‍්‍රීසි ජාතික කැමරා ශිල්පියෙකු වූ එඞ්වඞ් මයුබි‍්‍රජ්ට වේ. ඔහු නිශ්චල ඡුායාරූප රැුසක් ධාවනයට සැලැස්වීම මගින් මුල්වරට චලනය පිළිබඳ මූලධර්මය ඉදිරිපත් කරන ලදි. එනම් 1872 දී කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයෙකු ඇල්ලූ ඔට්ටුව පාදක කොටගනිමින් ගොඩනැගී ඇත. එනම් එක් විටක දුවන අශ්වයෙකුගේ කකුල් සතරට එක් අවස්ථාවකදී පොලවෙන් උඩපවතින බව ඔවුන්ගේ මතය විය. එය මතය සනාථ කර ගැනිමට මයුබි‍්‍රජ් 1877 පමණ වන තෙක් පර්යේෂණ වල නිරතව විය. එහෙත් එම පර්යේෂණ සඳහා අනාවරණ කාලය ගැටලූවක්ව පැවතිනි. එකල සිටි ඩැගියුරේ හා විලියම් ෆොක්ස් ටැල්බට් විසින් අනාවරණ කාලය තත්පරයට සීයෙන් පංගුවක් බවට පත් කිරීම තුලින් වයුබි‍්‍රජ් තම පර්යේෂණය සාර්ථක කර ගන්නා ලදී. පසුව වයුබී‍්‍රජ් විසින් වීදුරු ඵලකයේ සටහන් කර ගන්නා ලද ඡුායාරූප ෂූ ප‍්‍රැක් සිස් කෝප් නම් යන්ත‍්‍රයේ ආධාරයෙන් ගන්නා ලද ඡුායාරූප ධාවනය කිරීමෙන් චලනයක් ඇති විය. ඒ තුලින් ආණ්ඩුකාරවරයාගේ ඔට්ටුවද ජයග‍්‍රහණය කළ අතරම වයුබි‍්‍රජ් එය තත්ත්පරයට රූප රාමු 24 දක්වා වර්ධනය කරන්නට විය. එහෙත් එම කාර්ය චිත‍්‍රපට නොවූයේ චලනය එකවර සටහන් කර ගැනීමට නොහැකි හේතුවෙනි. එයට පිළිතුරු වශයෙන් 1822 වර්ෂයේදී ප‍්‍රංශ ජාතික ජු්‍යුල්ස් මරේ කැමරා රයිෆලය හඳුන්වාදෙන ලදී. එනම් ප‍්‍රථම චලනය සටහන් කරන කැමරාව ලෙසට හඳුන්වනුයේ මෙම කැමරා රයිෆලයේ කොකා ගැස්සීමෙන් ඡුායාරූප සටහන් කර ගත හැකි විය. එයට තත්ත්පරයකට රූපරාමු 12 ක් සටහන් කර ගැනීමේ හැකියාව පැවතුණි. එහෙත් මෙහි ඇති වූ ගැටලූව වනුයේ ප‍්‍රතිබිම්භය වීදුරුඵලකයක් මත සටහන් වීමය. එහෙත් එය කොතරම් පැහැදිලි වේද හා අඛණ්ඩව චලනයක් ඇති කල හැකිවේද යන ගැටලූව පැන නගින ලදී. පසුව වීදුරු ඵලකය වෙනුවට ආලෝක සංවේදි කඩදාසි භාවිතා කරන ලදී. එහිදී ද විවිධ වූ ගැටලූ රැුසක් ඇතිවන්නට විය. පසුව ඇමරිකානු ජාතික ජෝර්ජ් ඊ ස්ටීවන් සෙලිලොයිඞ් පටිය සොයා ගැනීමෙන් පසුව එම බාධක ජය ගැනීමට හැකි විය.
සෙලිලොයිඞ් පටය බිහිවීමත් සම`ග 18 වන සිය වසේ අගභාගයේ මෙන්ම 19 වන සියවසේ මුල භාගයේ විසු ඇමරිකානු ජාතික තෝමස් අල්වා එඞ්සන් සිනමා කැමරාව සඳහා මූලික පදනම නිර්මාණය කරන ලදී. 19 වන සියවසේ බිහිවූ නව නිපැයුම් කිහිපයකටම හිමිකම් කියන මොහු 1888 දී ප‍්‍රථම කැමරාව නිපද වූ බව පැවසේ. මොහු නිපද වන ලද (ෆොනෝග‍්‍රාෆ්* යන්ත‍්‍රයේ අලෙවිය වැඩි කර ගැනීම සඳහා මොහුට රූප භාවිතා කළ හැකි උපකරණයක් අවශ්‍ය විය. එයට පිළිතුරු වශයෙන් ඔහුගේ සේවකයකු වූ විලියම් කෙනඩි ලෝරිස් ඩික්සන් විසින් 1889 දී කිනටොග‍්‍රාෆ් නිර්මාණය කර නිව්ජර්සි හි දී එඞ්සන් පර්ක්ෂණාගාරයේ ප‍්‍රදර්ශනය කරන්නට විය. මේ සඳහා 1891 දී වෙළඳ බලපත‍්‍රය ලබා ගන්නා එඞ්සන් 1892 වර්ෂය වන විට එය තවදුරටත් වැඩිදියුණු කර මි.මි 35 පටලපටය භාවිතා කල හැකි ආකාරයට නිර්මාණය කර වෙළඳ පොළට ඉදිරිපත් කරන ලදී. එහෙත් ඔහු කිනටොග‍්‍රාෆ් නිර්මාණය කරන ලද්දේ ශබ්ද වාහිනි යන්ත‍්‍රයට බැවින් ප‍්‍රක්ෂේපන යන්ත‍්‍ර පිළිබඳ ඔහුගේ වැඩි අවධානය යොමු නොවීය. එහිදී ඔහු අදහස් වනුයේ එම රූපරාමු එක් අවස්ථාවකදී එක් පුද්ගලයෙකුට පමණක් නැරඹිය හැකි ආකාරයට ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර නිපදවිය යුතු බවයි. පසු ඩික්සන් ඒ සඳහා කිනටෙස්කෝප් යන්ත‍්‍රය නිර්මාණය කරන ලදී. මෙය 1894 දී රාෆ් හා ගැමොක් යන ආයතන වෙළඳ පොලට ඉදිරිපත් කර අතර මෙය තාපදීප්ත පහනකින් ආලෝකය ලබා ගන්නා අතින් ක‍්‍රියාත්මක වන ලෙස නිර්මාණය කර තිබුණි. පසුව 1894 දී යන්ත‍්‍ර 5කින් යුත් කිනටෙස්කෝප් ශාලාව විවෘත කරන ලදී. පසුව ඩික්සන් හා කැස්ලර් එක් වී කිනටෙස්කොප් යන්ත‍්‍රය වැඩි දියුණු කරමින් නිපදවන ලද මුටාස් කෝප් යන්ත‍්‍රය, කිතටස් කෝප් යන්ත‍්‍රයේ ප‍්‍රභලතම තර`ග කරුවා විය. එනම් එඞ්සන් හා ඩික්සන් ඒ වන විට වෙළඳ පලේ ප‍්‍රධාන තර`ගකරුවන් විය. එහෙත් කිතටස්කෝප් හි ප‍්‍රදර්ශනයට අවශ්‍ය චිත‍්‍රපටද ලබාගැනීමට සිදු වූයේ එඞ්සන්ගෙනි. එනම් ලොව පලවූ වරට එඞ්සන් බ්ලැක් මාරියා නමින් චිත‍්‍රාගාරයක් විවෘත කර එහි රූගත කිරීම් ආරම්භ කරන ලදී. එහි දී මුල් වරට වට 6 ක බොක්සිං තර`ගයක් රූගත කිිරීමට පැය 6 ක කාලයක් ගත විය. එමෙන්ම කිතටොස්කොප් හරහා එය 6 වරකට පෙන්වන ලදී. එනම් එහිදී බ්ලැක් මාරියා චිත‍්‍රාගාරය තුල කිනටොග‍්‍රාෆ් භාවිතා කරමින් එඞ්සන්ගේ සේවකයෙකුගේ කිවිසුමක් 1889 දී රූගත කර ප‍්‍රදර්ශනය කෙරිනි. පසුව ඔහු විවිධ නාට්‍ය කොටස්, ඵෙතිහාසික සිද්ධීන් ද මේ සඳහා යොදා ගන්නා ලදී. ඒ අතර 1896 දී නිර්මාණය කල නාට්‍ය ජවනිකාවක කොටසක් වන සමීප දර්ශන සහිත චිත‍්‍රපටය උදාහරණ ලෙස දැක්විය හැකිය.
එහිදී පේක්ෂකයාට දැරිය යුතු වියදම අධික හෙයින් පසු කාලීනව පිරිසකට එකට නැරඹිය හැකි යන්ත‍්‍රයක් නිර්මාණය කිරිමේ අවශ්‍යතාව පැණනැගිණ. එලෙස වර්ධනය වෙමින් පැවති සිනමාවට නවමු වූ අරුතක් එක්වීම සවිරාම සබඑැරපසඑැබඑපදඩැපැබඑ මූලධර්මය බිහිවීමත් සම`ග ඇති විය. එනම් යටකී ගැටලූ නිරාකරණය කිරිමට ලූවියර් සහෝදරයෙක් මැදිහත් වීමය. අවිගුස්ත් ලූවියර් හා ලූවී ලූවියර් යන සහෝදරයින් දෙදෙනාගේ පවුලේ රැුකියාව පටල පට නිර්මාණය කිරිමයි. එහෙත් යටකී කිනටොස්කෝප් යන්ත‍්‍රය මිලදී අදහස ව්‍යර්ථ වූ පර්යේෂණයන්හි නිරත විය. එනම් මොවුන්ගේ පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූ සව්රාම මූලධර්මය පාදක කොට ගනිමින් මොවුන් දෙදෙනා කැමරාවක් හා ප‍්‍රක්ෂේපණයන් නිර්මාණය කරන ලදී. එනම් ඔවුන් නිර්මාණය කල කැමරාව පහසුවෙන් ගෙන යා හැකි වීමත්, ඕනෑම ස්ථානයක රූපගත කිරීමට හැකිවීමත් හා තත්පරයට රූප රාමු 18 ක් ලබා ගැනීමට හැකි වීමත් ඔවුන් නිපදවන ලද සිනෙමැටෝග‍්‍රාෆ් ක්‍සබැප්එදටර්චය කැමරාවේ සුවිශේෂිතා ලෙස හැඳින්විය හැක. පසුව එලෙසම නිර්මාණය කර ගනු ලැබූ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයද භාවිතා කරමින් ප‍්‍රථම වරට තිරයක් මත චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කරන්නට විය. එනම් 1895 මාර්තු 22 වන දින ඔවුන් උදරනැරි කැ්ඩසබට එයැ කමපස්ර ේජඑදරහ යන සිනමා කෘතිය නිර්මාණය කර ප‍්‍රදර්ශනය කරන ලදී. පසුව සිනමා ඉතිහාසයේ ප‍්‍රථම වරට මුදල් අයකරමින් පේ‍්‍රක්ෂකයාව පිරිසකට විනාඩි 30 ක් චිත‍්‍රපට 12 ක් ප‍්‍රක්ෂේපනය කොට පැරිස් නුවර ග‍්‍රාන්ද් කැෆේ හිදී ප‍්‍රදර්ශනය කරන ලදී. මොවුන් විසින් එලෙස ඉදිරිපත් කරන චිත‍්‍රපට තුලින් තරමක් දුරට චිත‍්‍රපට ශානර පිලිබඳ අදහසක් ජනිත වන්නට විය. එනම් මොවුන් විසින් නිර්මාණය කල චිත‍්‍රපටය උ්එැරසබට එයැ ඨ්රාැබ විකට සිනමාවේ සමාරම්භය වන අතර ්රරසඩ්ක දෙ එර්සබ ්එ ක්‍සදඒඑ ීඒඑසදබ ත‍්‍රාසය පිළිබඳව අදහස් ගෙන දීමට වු ප‍්‍රථම සිනමා කෘතිය ලෙසට දැක් විය හැකිවේ. තවද ඔවුන් විසින් නිර්මාණය කළ ඊද්එ ඛැ්ඩසබට ්‍ය්රඉදරල ඨ්පැ දෙ ක්‍්රඑිල ්රරසඩ්ක දෙ එර්සබ ්එ ක්‍සදඒඑ ීඒඑසදබල ෘැපදකසියසබට ් ඇකක කමබජය දෙර ඉ්ඉහ වැනි සිනමා කෘති සඳහාද සුවිශේෂි ස්ථානයක් හිමිවේ. ලූවියර්ගෙන් පසුව සිනමා ක්ෂේත‍්‍රයේ ඉතා වැදගත් පුද්ගලයෙකු ලෙස ජියාජ් මේලියේ හැඳින්විය හැකිය. 1888 වන විට පැරිසියේ මැජික් තියටර් ශාලාව මිලදී ගත් ඔහු තමන්ටම ආවේණික වූ ක‍්‍රමෝපායක් භාවිතා කර කැමරාවක් නිපදවාගෙන චිත‍්‍රපට නිර්මාණය කළේය. එනම් විද්‍ය ප‍්‍රබන්ධ අත්භූත සිදුවීම් :ත්‍්බඒිහ* චිත‍්‍රපට නිර්මාණය කිරීමේ සමාරම්භකයා ලෙසද මොහුව හඳුන්වන ලදී. එනම් මොහුගේ සිද්ධාන්තයට අනුව මොහු 1896 දී නිර්මාණය කළ ඔයැ ඪ්බසියසබට ඛ්ාහ චිත‍්‍රපටය තුළ ගැහැණියක ඇටසැකිල්ලක් බවට පත් කරනුයේ කැමරාවේ ්ජඑසදබ – ීඑදච නම් වූ ක‍්‍රමය භාවිතා කරමිනි. මෙයද සිනමාවේ ප‍්‍රධානතම සිද්ධාන්තයක් විය. මූලික වශයෙන් සිනමාවෙහි පදනම එලෙස නිර්මාණය වීමෙන් පසුව සිනමාවට පිවිසි වේලීස්, ග‍්‍රිෆිත්, පෝටර්, අයිසන්ටයින් කූලෂෝ වැනි දාර්ශනිකයන් එක්වී පෙර තිබූ තාක්ෂණික ප‍්‍රයෝගයන්ට නව අරුතක් එක් කිරීමට සිනමාවේ භාෂාව හා ව්‍යාකරණය වර්ධනය උදෙසා දායක විය.
No comments:
Post a Comment