Friday, February 15, 2019

ආලෝකය

ආලෝකය  


ආලෝකය යනු 
ආලෝකය නොහොත් දෘශ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ මිනිස් ඇසට සංවේදී වන තරංග පරාසයයි. මෙම තරංග නිසා දෘෂ්ඨිය නම් සංවේදනය ඇති වේ. දෘෂ්‍ය ආලෝකය, තරංග ආයාමය නැනෝ මීටර 380 හෝ 400 සිට නැනෝමීටර 760 හෝ 780 දක්වා විහෙිදයි. ඒ අනුව එය ටෙරාහර්ට්ස් 405 සිට 790 පමණ වූ සංඛ්‍යාත පරාසයක පිහිටයි. කෙසේ වෙතත් භෞතික විද්‍යාවේදී ආලෝකය යන වදන දෘශ්‍ය ආලෝකය මෙන්ම ඒ දෙපස ඇති මිනිස් ඇසට සංවේදී නොවන අධෝරක්ත සහ පාරජම්බුල තරංග කලාප සඳහා ද යෙදේ.
තීව‍්‍රතාවය, සම්ප්‍රෙශන දිශාව, සංඛ්‍යාතය හෝ තරංග ආයාමය, ධ‍්‍රැවීකරණය යන රාශි ආලෝකයේ ප‍්‍රධාන ලාක්ෂණික වේ. රික්තයකදී ආලෝකයේ වේගය තප්පරයට මීටර 299792458 ක් වේ. 
ආලෝකය අවශෝෂනය හා විමෝචනය වන්නේ ෆොේටා්න නමින් හැදින්වෙන ශක්ති පැකැට්ටු ලෙසය. ආලෝකය තරංගමය ලක්ෂණ මෙන්ම අංශුමය ලක්ෂණ ද පෙන්වයි. මෙම හැසිරීම තරංග අංශු ද්වෛතය ලෙස හැඳින්වේ. ආලෝකය හැසිරීම පිළිබඳ ප‍්‍රකාශ විද්‍යාවේදී හැදෑරේ.
භෞතික විද්‍යාවේ දී  ඕනෑම තරංග ආයාමයක් සහිත විද්‍යුත් චුම්භක විකිරණයක් ආලෝකය ලෙස සමහර විටෙක හැඳින්වේ. 


ආලෝකයේ වර්ණ 
අයිසැක් නිවුටන්ගේ සමයේදී ආලෝකය අවර්ණ බව හා ප‍්‍රිස්මයක් විසින් වර්ණ නිපදවන බව විශ්වාස කළහ. ආලෝකය තුළ විෂම ජාතීය ආකාරයෙන් වර්ණ පවතින බව සහ වෙනස් වර්ණ සහිත අංශු ප‍්‍රිස්මය තුළින් විවිධ වේගයන්ගෙන් ගමන් කරන නිසා ආලෝක (අංශු* අපකිරණය වන නිවුටන්ගේ පරීක්ෂණ මගින් ඔහුට පැහැදිලි විය. වර්ණයන් යනු ආලෝකයේ තරංග ආයාමය දෘශ්‍යමානව ප‍්‍රකාශ වීමක් බව පෙන්වීමට පසුව යං හා ෆෙස්නෙල් විසින් නිව්ටන්ගේ අංශු වාදය හා හයිජන්ගේ තරංග වාදය සම්බන්ධ කරන ලදී. 
එක් ප‍්‍රිස්මයක සිට එන රත ුවර්ණය තවත් ප‍්‍රිස්මයක් තුළින් යවමින් නිවුටන් ඔහුගේ තිගමගනය කරා එළඹිනි. එසේ සිදුකළ විට වර්ණය වෙනස් නොවන බව සොයා ගත්තේය. ප‍්‍රධාන ආලෝකය තුළ දැනටමත් වර්ණය තිබෙන බවත් ප‍්‍රිස්මයක් වර්ණ නොසාදන අතර එමගින් දැනටමත් ආලෝකය තුළ ඇති වර්ණ වෙන් කරණ බවත් මෙම පරීක්ෂණය තුළින් ඔහු නිගමනය කළේ ය. අපකිරණ වර්ණාවලිය නැවත සුදු ආලෝකය බවට පත් කිරීම ස\හා ඔහු කාචය සහ ප‍්‍රිස්මය භාවිතා කරණ ලදී. මෙම පරීක්ෂණය විද්‍යාත්මක විප්ලවය අතරතුර හඳුන්වා දුන් විවිධ ශ‍්‍රාස්ත‍්‍රයේ ශේ‍්‍රෂ්ඨ නිදසුනක් බවට පත් විය. 

වර්ණ සහ වර්ණක  

වර්ණකයක් යනු ආලෝකය පරාවර්ථනය වීමේ දී එහි වර්ණය වෙනස් කරන ද්‍රව්‍යයකි. වර්ණක එසේ කරන්නේ තෝරාගත් වර්ණයන් අවශෝෂනය කර ගැනීමෙනි. මෙම භෞතික ක‍්‍රියාවලිය එම ද්‍රව්‍ය විසින් ම ආලෝකය නිකුත ්කරන ප‍්‍රදීප්තිය ස්ථුරදීපනය සහ අනෙකුත් සංදීප්තතා ආකාරයන්ගෙන් වෙනස් වෙයි. වර්ණක ලෙස භාවිතා කිරීම සඳහා මිනිසා විසින් තෝරාගෙන සහ වැඩිදියුණුතොට ඇති ද්‍රව්‍ය සතුව වෙනත් ද්‍රව්‍ය වර්ණ කිරීම සඳහා යොදාගෙන ඇති සුවිශේෂී වූ ගතිගුණ පවතී. එමඟින් වර්ණ ගන්වන ද්‍රව්‍යට වඩා ඉහල අනුවර්න ශක්තියක් වර්ණකයට පැවතිය යුතුය. 


 වර්ණ ආකෘතිය 


ක්‍ඵශණ වර්ණ ආකෘතිය වර්ණ මුද්‍රණ කර්මාන්තයේදී භාවිතා කරන ව්‍යාකළන වර්ණ ආකෘතියකි. ක්‍ඵශණ යනු මෙම වර්ණ ආකෘති සඳහා යොදා ගන්නා මූලික වර්ණ සතරෙහි ඉංග‍්‍රීසි නාමයන් වන සයන්, මැජෙන්ටා, කහ, කළු වන වචන වල මුලකුරු වේ.
 මෙම ක්‍ඵශණ වර්ණ ආකෘතිය ක‍්‍රියාත්මන වන්නේ ආලොකවත් පසුබිම් මත පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් වර්ණ ආවරනය කිරීම මඟිනි. වර්ණ සංකලන මඟින් ඒ මත පතිත වන ආලෝකය විවිධ පූමාණයන්ගෙන් අවශෝෂනය කර ආලෝකවත් පසුබිමෙන් පරාවර්තනය වන්නා වූ ආලෝකය අඩු කිරීම තුළින් මෙම සංසිද්දිය ඇති වේ. 
 ඍඨඊ වැනි අෘකලන වර්ණ ආකෘති වලදී සුදු ආලෝකය එහි මූලික වර්නවල එනම් රතු කොළ සහ නිල් ආලෝකයන්ගේ එකතුවෙන් සැදෙන ආකලන ආලෝකය වන අතර කළු යනු ඒ මූලික ආලොකයන් හි නොපැවතීම වේ. ක්‍ඵශණ වර්ණ ආකෘතිය එහි ප‍්‍රතිවිරුද්ධ ආකාරය වේ. මෙහිදී සුදු වර්ණය කඩදාසියක හෝ වෙනත් පසුබිමක ස්වාභාවික වර්ණය වන අතර කළු වර්ණය ඇති වන්නේ එහි මූලික වර්ණ ත‍්‍රිත්වය පූර්ණ වශයෙන් මාත‍්‍රණය කිරීම තුළිනි. 


කාච 

ආලෝකය පිළිබඳ කතා කිරීමේ දී කාච යන්න ඉතා වැදගත් දෙයකි. මන්ද යත් ආලෝකය නාභි ගත කිරීම සඳහා කාච භාවිතයට ගැනීමයි. කාචයක් යනු ඉතා සමමිතික අක්ෂයක් ඇති ආලෝකය ඒ තුළින් ගමන් කරන සහ වර්තනය කරමින් අභිසරණය හෝ අපසරණය කරන ප‍්‍රකාශ උපකරණයකි. සරළ කාචයක් තනි ප‍්‍රකාශන උපකරණයකින් සමන්විත වේ. සංයුක්ත කාචයක් යනු සරළ කාච ගණනාවක් එකම අක්ෂයක් ඔස්සේ තැබීමෙන් සෑදුනු උපකරණයකි. කා ච කිහපියක් භාවිතා කිරීමෙන් ප‍්‍රකාශ අපේ‍්‍රරනය අඩුකර ගැනීමට හැකි වේ. කාච සමාන්‍යයෙන් වීදුරු හෝ විනිවිද පෙනෙනෙ ප්ලාස්ටික්  වලින් තනනු ලැබේ. විද්‍යුත් චුම්භක තරංග වර්තනය කැරීමට හැකි උපකරණ ද කාච යනුවෙන් හැඳින් වේ. උදාහරණ වශයෙන් පැරෆින් ඉටි වලට ක්ෂුද්‍ර තරංග වර්තනය කළ හැකිය.
කචවල  ඇති ප‍්‍රයෝජන රාශියකි. අවිදුර දෘෂ්ටිකත්වය, උපරිදෘෂ්ඨිය, වෘද්ධ දෘෂ්ටිකතාව හා විෂම දෘෂ්ටිකතාව වැනි දෘෂ්‍ය ආබාධයන් නිවැරදි කිරීමට කාච භාවිතා වේ. තවත් ප‍්‍රයෝජනයක් වන්නේ ඒකිෂික, දුර දර්ශකය, දුරේක්ෂය, නිතනේක්ෂය, දුරේක්ෂි අක්ෂි සමමියති, තියොඩොලයිට්ටුව, අන්වීක්ෂය, කැමරාව හා ප‍්‍රතික්ෂේපකය වැනි මූර්තන පද්ධතිවල කාච භාවිතා වේ. 



කැමරාව හා ආලෝකය අතර ඇති සම්බන්දය 

 සිනමාව රූපවාහිනාය මේ සියල්ලක් කෙරෙහිම කැමරාව යන්න අත්‍යවශ්‍ය සාධකයකි. මන්ද යත් සිනමාවේ වේවා රූපවාහිනියේ වේවා රූපරාමු අප වෙත සමීප කරන්නේ කැමරාව හරහාය. ඒ අනුව ඡුායාරූපකරණය යන්න එක් අතකින් ‘‘ආලෝක කිරණ සටහන් කර ගැනීමක් ’’ ලෙස ද හැඳින්විය යැකිය. ඒ තරමට ම ආලෝකය හා කැමරාව අතර සමීප සබඳතාවක් පවතී. ඡුායාරූපයක වේවා රූපරාමුවක වේවා සම්පූර්ණ ගුණෘත්මක භෘවය රැුදී තිබෙන්නේ ඒ චායාරූපයේ තිබෙන ආලෝක තත්වයන් හා පවතින ආලෝක ත්තවයන්ගේ නිවැරදි භාවිතය මතය. ඒ නිසා ආලෝකකරණය ඉතා පරිස්සමින් තෝරා ගත යුත ුවෙනවා. දවල් කාලයේ දී ඉරෙන් ලොකු එළියක් ලැබෙනවා. ඒ වගේ ම ඒකෙන් තයිුණු සෙවනැලි වැටෙනවා. එවන් අවස්ථාවලදී එම අවස්ථාවට ගැලපෙන් අයුරින් ඡුායාරූප ගැනීම කළ යුතු වේ. ආලෝකය හුගක් වැඩිනම් විශේෂයෙන් මිනිස් රූප ගැනීමේ දී සෙවන ඇති තැනකට යාම වඩාත් යොග්්‍ය වේ. නැතිනම් පරාවර්ථක විසරක වැනි දෑ භාවිතා කොට ආලොකය පාලනය කර ගත යුතු වේ. නැතිනම් ප‍්‍රභල සැනෙළියක් භාවිතාකොට ව්‍යාජ සූර්යාලෝකයක් ඇති කර ඇතිවන සෙවනැලි ආලෝකයෙන් පිරවිය යුතුය. එය ත්‍සකක ත්‍ක්ිය ලෙස හඳුන්වයි. එනමුත් මෙය සිදු කිරීමේ දී දැනට පවතින සූර්යාලෝකයේ වර්ණ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ.
 කැමරාවක ෂීද ීචැැා එක මඟින් කැමරාවක ඇති සේයා පටලය ආලෝකයට කෙතරම් සංවේදී යන වග පෙන්නුම් කරයි. ඒ අනුවෂීධ මඟින් දැක්වෙන ඉලක්කමේ විශාලත්වය වැඩිවත් ම සංවේදීතාවය ද වැඩි වේ. 
 ඒ අනුව කැමරාව හසුරුවන පුද්ගලයකු සතුව ආලෝකය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. නැතිනම් අවශ්‍යකරන ඡුායාරූපය හෝ රූපරාමුව නිසි අයුරින් ලබා ගැනිමට ඇති අවස්ථාව මගහැරී යයි.

No comments:

Post a Comment

Ismail Darbar

Ismail Darbar ලෝක සිනමාව පිළිබඳව අධ්‍යනය කරන විට එහි වැදගත් අංශයක් ලෙස ශබ්ද පරිපාලනයය හා ශබ්ද නිර්මාණකරණය හඳුන්වා දිය හැකි වේ.  මන්ද...