Thursday, February 14, 2019

රේඛාව

රේඛාව

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කල රේඛාව (1956* සිනමා කෘතිය පිලිබ`ද අවධානය යොමු කිරීම මාගේ අරමුණයි. මෙම සිනමා කෘතිය දේශිය වශයෙන් මෙන්ම විදේශය වශයෙන් ද සාකච්ඡුාවට බදුන් විය. තවද රේඛාවදේහිය සිනමා ක්ෂේත‍්‍රයේ ප‍්‍රදානතම හැරවුම් ලක්සයක් නොහොත් ප‍්‍රධාන මංසලකුණක් ලෙස හැදින්විය හැක්කේ දේශිය අනන්‍යතාවය මෙන්ම විදේශ සිනමා ආරයකින් තොරවු දේශිය මේ තුල විශිෂ්ඨ ලෙස ගැබ් වු හෙයිනි. ලාංකීය වශයෙන් නිස්පාදනය වු ප‍්‍රථම නිසාව ලෙස හැදින්වීමට වඩා එය දේශිය වශයෙන්  අනන්‍යතාවයක් ගෙඩානැගීමෙහිලා සාර්ථක වු ප‍්‍රථම දේශිය සිනමා කෘතිය ලෙස දැක්විය හැකිය. එනමුදු එ වන විටත් ලංකාව තුළ ිත‍්‍රපට බිහි නොවුවා නොවේ. ඒ වන විටත් චිත‍්‍රපට 39 කට ආසන්න ප‍්‍රමානයක් බිහි වි තිබුණද මෙහි විශේෂත්වය වනුයේ පෙර පැවැති දකුණු ඉන්දිය ආභාසයෙන් චිත‍්‍රපට නිදවනවාට වඩා දේශිය අනන්‍යතාවයක් ඊට මුසු කිරීමයි. පෙර පැවැති චිත‍්‍රපයන්හි පසුතල, රංගන විලාසය, යොදා ගනි. තාක්ෂණ අන්තර්ගතය මෙන්ම වෙස් ගැනීම පාහෝ දකුනු ඉන්දිය ආරයට හැඩ ගැසුනාක්ම පමණක් නොව අධයක්ෂකවරුන් පවා ද්‍රවිඩ පුදගලයෙක් විය. එම නිසා චිත‍්‍රපට දේශීය අනන්‍යතාවය කෙරෙහි කොතෙක් යෝග්‍යවේද යන ගැටලූව මතු විය. එනම් එම සිනමා කෘති. තුල භාෂාවෙන් පමණක් දේශියත්වය නිරූපණය කිරිම දැක්විය හැකිය. දශක ගණනක කිරීමයි. එය හේතු කොට ගනිමින් එතෙක්් පැවති ද්‍රවිඩ (දකුනු ඉන්දීය* සිනමාවේ යොදාගත් සියලූම අංගයක් පාහෝ වෙනමම මගකට පිවිසෙන්නට විය. එහි මුල් කාලීන පුරෝගාමියා ලෙස සිරිසේන විමලවීර මහතා හැදින්විය හැකි අතර 1956 වර්ශයේ දී රේඛාව කලාකෘතිය නිර්මාණය කරවිත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් දේශියක්තය අනන්‍ය වු සිනමා කෘතියක් ලෙස ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට සමත් විය.


දේශිය ක‍්‍රියාකාරකම්, සංස්කෘතික අංගයන්ගේ හා දර්ශනයන් හි ආරම්භ වන මෙම සිනමා කෘතිය අනුලා හා සේන යන කුඩා ළමුන් දෙදෙනා මූලික කොට ගනිමින් ගොඩනගා ඇත. මෙම සිනමා කෘතිය සාම්ප‍්‍රදායික විශ්වාස ඇදහිලි හා මිත්‍යාවන් මුල් කොට ගනිමින් ඒ තුළ සමාජය හා පුද්ගලයින් අතර ඇතිවන ඝට්ටනය මනාව පැහැදිලි කරමින් නිර්මාණය වුවකි. බොරු කකුල්කරුගේ දර්ශනයෙන් ආරම්භ වී ගැමි සමජය තුල ළමයා නම් වු චරිතයෙහි ඇති සුන්දරයත්වය, චමත්කාරය මෙන්ම සොරැුකැල හා ගැටුමක් ඇතිවන සේන හා අනුලා නම් චරිතය එම ගැටුම ම`ගින් ඇතිවන ක‍්‍රියාකාරකම් තුලින් චිත‍්‍රපට ආරම්භයේ දිම පේ‍්‍රක්ෂකයා ට එම  චරිත දෙක පිළිබ`ද අදහසක් ලබා දේ. එනම් චරිත අතර ඇතිවන ගැටුම හරහා  චිත‍්‍රපටයේ ප‍්‍රදාන චරිත මෙන්ම අනෙකුත් චරයන්ද ඒ තුළ මනාව හදුන්වා දෙන ඇත. පසුව සෙනගේ ක‍්‍රියාකාරකම් හේතු කොට ගෙන පැහැදුනු රාළහාමි විසින් දෙනු ලැබු සරුංගලය සම`ග කථාව ආරම්භවේ. තවදුරටත් අධ්‍යක්ෂකවරයා විසින් සේන හා තවත් ගැටුමක් පාසලේ දී  නිර්මාණය කරනුයේ පේ‍්‍රක්ෂකයාවෙත සේන නම් වු චරිතය පිළිබ`දව ඇති අදහස තවදුරටත් පසක් කරලීමයට. සෙන්ගේ හො`දම යෙහෙලියෙ වන අනුලා සම`ග ඔහු එම සරුංගලය යැවීමට යාමේ දී අනුලාට ඇතිවන කිසියම් රෝගි තත්ත්වයක් හේතු කොට ගෙනිමින් ඇයට දෑස් නිලංකාරව නොපෙනී යයි. එසේ පෙර ලකුණු මතුව වුවද ---- එය සුව වුවත් පසුව පැති රූකඩ සංදර්ශයේ දී එය දැඩි අසාධ්‍යතත්වයකට පත් වී දෑස් නොපනෙන්නට පටන් ගනී. ඒ අතරෙහිම පොඩි මහත්තයා හා සුටිං (සේනගේ පියා* හදුන්වා දෙමින් කථාව ගොඩ නගන අතර සුටිං හා පොඩි මහත්තයා අතර වන භාණ්ඩ හුමාවරුව හේතු කොට ගනිමින් චිත‍්‍රපටය තවදුරටත් පේ‍්‍රක්ෂකයා තුල චරිත පිළිබ`ද අදහසක් මෙන්ම ----- පිළිබ`ද ඉ`ගි පලකිරීමක් ලෙස දැක්විය හැකිය. අනුලාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතු කොට ගනිමින් අනුලාගේ මවගේ අසරණ භාවයත් හා තවදුරටත් නිවසට පැමිණෙණ වෙදැදුරාගේ ප‍්‍රකාශය සම`ග අනුලාගේ රෝගී තත්ත්වය පවතින යථාර්ථය තවදුරටත් තහවුරු කරන්නට විය. තවදුටරත් වෛද්‍යවරුන්ට සුවකලෙ නාහැකි වු රෝගී තත්ත්වය සේනගේ කිසියම් අදෘර්ශමානි බලපෑමකින් සුව කළේය. බොරු කකුල් කරුගේ ප‍්‍රකාශයක් විශ්වාසයක් කොටගත් අනුලා එය ගැමියන් මෙවත තහවුරු කරනුයේ ඇයගේ වු ක‍්‍රියාකාරකම් හේතු කොට ගනිමිනි. එය වඩාත් ප‍්‍රායෝජනවත් වු වුයේ අනුලාගේ පමණක් නොව සුටිං හා ඉතා කපටි ව්‍යාපරයකු වු පෙඩි මහත්තයාට වේ.

දිගින් දිගයටම විවිධ ආකාරයෙන් ප‍්‍රචාරණයේ යෙදෙමින් මොවුන් දෙදෙනා තම මඩිය තදකර ගැනීමේ උත්සහයක නිරත විය. ඒ අතර තුර ගමෙහි ධනවත් ව්‍යාපාරයෙකුගේ පුතකුට ඇති වී තිබු දැඩි අසාධ්‍යභාවයට පිහිට පතා පැමිණ ඔහු සුටිං හා පොඩි මහත්තයාට පැෑදුනු නිධානයක් බදු විය. ඔවුන් දෙදෙනාගේ තණ්හාව හේතු කොට ගෙන ව්‍යාපාරිකයාගේ පුතා ජීවිතක්ෂයට පත් වු අතර සුටිං හා පොඩි මහත්තයාට ගමනේ පිටවීමට සිදුවිය. එය හේතුවෙන් සේන හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද ගමෙහි වාසය කිරීම අසිරු කටයුත්තක් විය. ගමෙහි පැතිරි ගිය කටකතාව අනුව සේනට පිල්ලියක් වැසී ඇති බව පැවැත දැඩි විශ්වාසය හමුවේ ගල් මුල් ප‍්‍රහායරට ද ඔහුට මුහුණ දීමට සදුවනුයේ තවදුරට ඔහුුට සමාජයෙන් නෙරපා ඇති බව පේ‍්‍රක්ෂකයා තුල තහවරු කිරීමටය. පසුව ගමට ආ දැඩි නියගය හේතුවෙන් ඇතිවන ව්‍යවසනකාරි තත්ත්වයද අවසානයේ හේතු සේන නම් ළමයා වේ. පසුට ඔහුගේ පිල්ලිය යැවීමට යාග හෝමමයක් පැවැත්වීමෙන් ගත් උත්සහයක ව්‍යාර්ථ වීම සමග ------ අවසන් වේ.

යට සදහන් කල පරිදි මෙම සිනමා කෘතිය ත‍්‍රිලෝකයේ සිනමා ක්ෂේත‍්‍රයේ මං සලකුණක් ලෙස විග‍්‍රහ වන්නට වුයේ මෙම චිත‍්‍රපයට තුළ දේශියත්වය නැතහොත් දේශීය අනන්‍යතාවය ගැබ් කිරීම ම`ගිනි. එනම් ඉතාලියානු සිනමාව, ප‍්‍රංශ සිනමාව, ජපන් සිනමාව, වැනි වර්ගීකරණයටක් ඇති වුයේ සිනමාවේ පවතින තාක්ෂණික හෝ න්‍යායාත්මක කරුනු පදනම් නොවන හෙයිනුත් එම සිනමා කෘති වලට ඒ ඒ රටවල කිසියම් මු අනන්‍යතාවයක් පැවැතීම හේතුවෙනි. ඒසේ රේඛාව චිත‍්‍රපටය තුල දේශිය අනන්‍යතාවය මනාව පසක් කොට ඇත. උදාහරණ ලෙස ගත් විට සේනගේ අක්කාගේ හා නිමල්ගේ මංගල්‍ය එම අවස්ථාව ගොඩනැංවිමෙහිලා වැඩි අවශ්‍යතාවයක් නොවුනද, ඒ තුල ජන ජිවිතය හා බැදි සම්ප‍්‍රායන් මනාව ගැබ් කොට ඇත. තවද චිත‍්‍රපටය ආරම්භයේ දීම ගොයම් කැපීම, පෑගීම වැනි දේශිය කෘෂිකර්මාන්තය හා ඩිජිටල්කරණ තොරව ඉදිරිපත් කිරීම පැසිසිය යුතුය. ජන ජිවිතය තුල පැවැති රැුකියා හා ජන ජිවිතය හා බැදි ඔරු පැදීම, ගොයම් කැපීම, වැනි ගැමි ක‍්‍රියාකාරකම් මෙන්ම තොවිලය, රූකඩ අලි නෑවීම, ගොන් කරත්තය, රබන් ගැනීම, හා දේශියකත්වය පිලිඹුබුවක්  වන් ජාතික ඇදුම් තුලින් පාරම්පරික දේශිය සංස්කෘතිකයද මනාව විදහා පායි. ගැමියන් තුල ගොඩනැගි ඇති මිත්‍යාමත, ඔවුන්ගේ අධ්‍යාපන, සංස්කෘතික තුල ගොඩනැගී තිබු සිතුම් පැතුම් ආකල්පයන් සුටිං සේන රාලහාමි හා ගැමියන් අතරෙහි වන දෙබස් හුමරුවෙදී මනාව පැහැදිලි වේ. තවදුරටත් දෙබස් නිර්මාණයේ දී යොදා තිබෙන ගමට ආවේණික වු බස් වහර එය තවදුරටත් තහවරු කරන්නක් බදු වේ. මෙහි දැකගත හැකි ප‍්‍රධානතම අවස්ථාව කිහිපයක් ලෙස මව හා පුතු මෙනම පවුලේ පුද්ගයින් අතර පවතින අන්තර් සම්බන්ධතාවය දැක්විය හැකිය. වාණිජකරණය වු ලෝකය තුළ මුදලට විකිණෙන කාන්තාව නම් වු වෙලද භාණ්ඩය වෙනුවට ‘‘අම්මා’’ යන චරිතයට හිමි වු අරුතක් එක් කිරීමෙහිලා ආයිරංගනී සේරසිංහයන්ගේ රංග ප‍්‍රතිභාව පැසසිය යුතුය. එය තවදුරටත් සේන නම් වු ළමා චරිතයට පණ පොවණ සෝමපාල ධර්මප‍්‍රියගේ රංගන හැකියාව හේතුවෙන් තහවුරු වෙයි. තවද මෙහි රංගනයට දායකවුවන් ආධුනික වුවද ඔවුන්ගේ ආධුනිකත්වය වඩා ඔවුන්ගේ රංගන ප‍්‍රතිභාව ඉස්මතු විම මෙන්ම මනාව එහි ගම්‍ය අර්ථය විදහා පෑමට ඔවුන් ගත් උත්සහය මෙන් ඒ ස`දහා අධ්‍යක්ෂකවරයාගේ පැවැති කුසලතාවය ප‍්‍රතිභාව මැනවින් ඉස්මතු වි පේනේ.


තවදුරටත් මෙම චිත‍්‍රපටය තුල දැකගත හැකි විශේෂ අංගයක් ලෙස සංස්කරණය දැක්විය හැකිය. තාක්ෂණය ඉතාමත් ප‍්‍රථමික අවධියක පැවැති යුගයක එතෙක් නොවු ------ අවස්ථාවක් එක් කිරීමට සංස්කරණ ශිල්පන් සමත්ව ඇත. උදාහරණයක් ලෙස ගත් විට අනුලාට ක්ලාන්තය සෑදුනු අවස්ථාවේ අනුලාගේ දෘෂ්ටි කෝණයට අනුව කැමරාව හැසිරවීම මෙන්ම සංස්කරණය කිරීමට ද තවද අවමංගල්‍ය අවස්ථාවේ මෙන්ව වැස්සේ තෙමෙමින් දුවන සේන ගේ දර්ශනය පෙලමෙන්ම එම අවස්ථාවේ නිර්මාණය කල වැස්ස ද අධ්‍යක්ෂකවරයා සතුුු විශේෂ හැකියාවක් විදහා පෑමක් ලෙස පැහැදිලි වේ.

මෙහි සංගීත භාවිතය ගත්කල ද සුනිල් ශාන්ත ශූරින් විසින් මෙහි යොදා ඇති සංගීත තනු අවස්ථාානු අවස්තාවෙහි වු සිද්ධිය මනාව පැහැදිලි කිරීමට සමත් වෙයි. මෙහි එන ගීත කිපහයක කුල නිමල්ගේ යෞවනය හා බැදි ආකල්පයන්ගේ විවිධත්වය මනාව ලෙස එම කතා හා ගීත රචචනා තුල දැක ගත හැකි වේ. තවද අතීතයේ පැවැත දරු නැලවිලි ගීයෙහි තනුව වයමින් එයට එක්කල රසය මගින් මව හා පුතු අතර පවතින සම්බන්ධය මනා ලෙස පැහැදිලි කිරීමට මසත් වී ඇත. තවද පසුබිම් සංගීතය සැපයු කේ. ඒ. දයාරත්න සංගීතවේදියා විසින් ක්ලාන්තය, අවම`ගල් පෙරහැර,  අනුලාට පෙනුම ලැබෙන අවස්ථාන, අනුලා කලබලයෙන් දුවන අවස්ථාව මෙන්ම සොරුන් පොරබදින අවස්ථාවන්හි ඇති කළබලකාරි බව මෙන්ම ඒ තුළ ඇති රිද්මය හදුනා ගනිමින් තවදුරටත් සේනව සමාජය විසින් ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවේ ඔහුගේ හැගීම් නිරූපණය උදෙසා දයාරත්නයන් විසින් මනාව සිතාරය හා වයලීනය භාවිතා කරමින් පසුබිම් ශබ්දයක් මනා නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කොට ඇති. දේශිය පාරම්පරික තොවිලය වැනි සංස්කෘතික අංගයන්ගේ හරය යථා ස්වරූපය ශබ්ද සංකලය ම`ගන් මනාව පසක් කොට තිබේ. තවද ළමා නර්ථනයන ගත් කලද එය දේහිය පාරම්පරික නරර්යට වැඩි නැඹුරුවක් දැක්වීම තුලද චිත‍්‍රපටයේ ගම්‍ය අර්ථය පැහැදිලි කිරීමට රුකුලක් විය.

රේඛාවපවා කෘතිය දේශියනමෙන් විදේශිය ලෙසද සාකච්ඡුාවට බදුන් වු සම්මාන රැුසකට පාත‍්‍ර වු චිත‍්‍රපයක් ලෙසට තවදුරටත් තහවරු වෙයි. මෙහි ගැබ්ව ඇති අවසානය හරහා වින්දනය මෙන්ම සමාජය පිළිබදවත් පුද්ගලයින් පිළිබ`දවත් පේ‍්‍රක්ෂකයා තුල යථාර්ථවත් ආකල්පයක් ගොඩගැනීමට සමත් වෙයි වර්තමාන වනවිට අහිමි වන සංස්කෘතිය මව් පුතු සම්බදතාව තාක්ෂණය විසින් උදුරාගෙන ළමා වියෙහි ඇති සුන්දරත්වය වර්තමානයට පවා නවමු පණිවඩුඩ රාශියක් ගෙන ඒමට සමත් ඉතා විශිෂ්ඨ කලා කෘතියක් ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම් පිරිස් මහතාගේ රේඛාව චිත‍්‍රපටය දැක්විය හැකිය.















No comments:

Post a Comment

Ismail Darbar

Ismail Darbar ලෝක සිනමාව පිළිබඳව අධ්‍යනය කරන විට එහි වැදගත් අංශයක් ලෙස ශබ්ද පරිපාලනයය හා ශබ්ද නිර්මාණකරණය හඳුන්වා දිය හැකි වේ.  මන්ද...